දඹුල්ල, තඹුත්තේගම, වැලිමඩ ඇතුළු ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල ගණන්වල පහළ යාමක් අද (25) දිනයේ වාර්තා විය.
ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් 1Kgක සිල්ලර මිල රුපියල් 400ක් ලෙසත්, වම්බටු 1Kgක් රුපියල් 130ක් ලෙස සටහන්විය. අමු මිරිස් 1Kgක් අලෙවි වූයේ රුපියල් 400ක මිලකටයි.
මාළු මිරිස් 1Kgක මිල රුපියල් 320 දක්වා පහළ ගොස් ඇති අතර බෝංචි රුපියල් 400ක්, බීට්රූට් රුපියල් 300ක්, තක්කාලි රුපියල් 350ක් සහ ලීක්ස් රුපියල් 250ක් වශයෙන් මිල පහළ ගොස් ඇත.