දුම්රිය හරස් මාර්ග 400කට ආරක්ෂක ගේට්ටු

February 22, 2024

දුම්රිය හරස් මාර්ග 400ක් සඳහා ආරක්ෂක ගේට්ටු සවි කිරීමට තීරණය කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර පවසයි.

ඔහු සඳහන් කළේ, ඒ සඳහා සේවකයින් 1,200ක් බඳවා ගැනීමට නියමිත බව ත් රජයේ බහුකාර්ය යෝජනා ක්‍රමය යටතේ බඳවා ගත් පුද්ගලයින් ඒ සඳහා අනුයුක්ත කිරීමට සැලසුම් කර ඇති බව ත් ය.

මුදල් අමාත්‍යංශය සමග ඊයේ (පෙබ. 21) පැවති සාකච්ඡාවේදී මෙම බඳවා ගැනීම් සඳහා එකඟතාව හිමි වූ බව ඔහු තවදුරට ත් සඳහන් කළේ ය.

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේ, ආරක්ෂිත ගේට්ටු නොමැති හරස් මාර්ග වැඩි ගණනක් ඇත්තේ, පුත්තලම මාර්ගයේ හා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බව ය.

මෙම ඇතැම් හරස් මාර්ග සඳහා පොලිසිය විසින් ගේට්ටු සවිකරනු ලැබ තිබුණ ද පසුගිය දා පුත්තලම ආරච්චිකට්ටුව මයියාව දුම්රිය හරස් මාර්ගයේ සිදු වූ අනතුරෙන් පසු එම ගේට්ටු ඉවත් කර ගන්නා බව පොලිසිය දැනුම් දී ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරට ත් පැවසීය.

t

o

p