අද ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් බවට ලෝක ප්‍රජාව පිළිඅරන් ඇති බවත් එය අප ලැබූ විශේෂ ජයග්‍රහණයක් බවත් මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (20දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මුදල් පනත් කෙටුම්පත් කිහිපයක් පිළිබඳව පැවති විවාදයට එක්වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසීය. නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්විය. කෙටුම්පත් ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය.
ආර්ථිකය තිබුණු තත්ත්වය සමහරුන්ට මතක නෑ. සමහරු අමතක කරන්න කටයුතු කරලා විවිධ දෝෂාරෝපණ කරනවා. එවිට ආර්ථිකය ගොඩගන්න කැපවූ අයට කලකිරීම් ඇතිවෙනවා.
අපි සියයට 6ට ණය දුන්නා. ඒවා අරගෙන ජනතාව වියදම් කළා. ආර්ථික ගැටලු ඇති වුණා. පොලිය සියයට 16ක් ණය පොලිය ගෙනගිය නිසා ණය ගැනීම් අඩු වුණා. දැන් ණය පොලිය සියයට 10ට වඩා අඩුයි.
උද්ධමනය සියයට 70 පැන්නා අද එය සියයට 6ට අඩු වුණා. තවත් අඩු කිරීමට මහ බැංකුව කටයුතු කරනවා. මෙය අපි ලැබූ ජයග්‍රහණයක්. ආහාර උද්ධමනය සියයට 96 සිට සියයට 3.3ට අඩු කළා.
පසුගිය වර්ෂයේ දී ආර්ථිකය 1.6ක් දක්වා වර්ධනය වුණා. එය ජයග්‍රහණයක්. එය අමතක කිරීමට පෙළඹීම සාධාරණද?