විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න

February 18, 2024

විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට ලංකා විදුලි බල මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කර සිටියි.

එම මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා සඳහන් කළේ, පවතින වියළි කාලගුණය හේතුවෙන් විදුලි උත්පාදනය පහළ ගොස් ඇති බවයි.

එමෙන් ම දෛනික විදුලි ඉල්ලුම, ගිගාවොට් පැය 3 ත් 4 ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.

මාධ්‍ය ප්‍රකාශකවරයා විදුලිය උත්පාදනය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කළ අතර, ඒ අනුව ජල විදුලි උත්පාදනය, 21% ක් දක්වා පහළ ගොස් ඇති බවයි සඳහන් වෙයි.

මේ වන විට ජල විදුලි බලාගාර ආශ්‍රිත ජල ධාරිතාව, 83% ක් වෙයි.

සූර්ය බලයෙන් 4.5% ක විදුලි ධාරිතාවක් උත්පාදනය කෙරෙන බවයි, ඔහු ප්‍රකාශ කරයි.

සුළං බලාගාරවලින් ජනනය කෙරෙන විදුලි ධාරිතාව, 5% ක් වන අතර, 64% ක්ම විදුලිය ජනනය සිදු කරන්නේ තාප බලාගාර හරහා බවයි පැවසෙයි.

t

o

p