මහනුවර කසළ ඉවත් කිරීම බරපතළ ගැටලුවක් වෙයි

February 16, 2024

කසළ වර්ගීකරණය කර, බැහැර කරන ලෙස දැනුම් දී තිබිය දී ඇතැම් පිරිස් මහනුවර මහ නගර සීමා බල ප්‍රදේශයට අවිධිමත් ලෙස කසළ බැහැර කිරීම නිසා ඒවා ඉවත් කිරීම බරපතළ ගැටලුවක් වී ඇතැයි මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක පවසයි.

මහනුවර නගර සීමාවේ එකතු වන කසළ මේ වනවිට ගොහාගොඩ තේක්කවත්ත කසළ අංගනය වෙත රැගෙන ගොස් බැහැර කරන බවත් එම ස්ථානයේ සවිකර තිබෙන යන්ත්‍රවලට වෙන් නොකළ කසළ දැමිය නොහැකි බවත් ඒ මහතා පැවසීය.

කසළ වෙන් නොකර බැහැර කරන සුළු පිරිසක් හේතුවෙන් මේ වනවිට මහනුවර නාගරික ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් නගරයේ තැන තැන අවිධිමත් ලෙස බැහැර කර තිබෙන කසළ ඉවත් නොකරන බවට සමාජ මාධ්‍ය මගින් ඇතැම් පුද්ගලයින් නගර සභාවට චෝදනා කරන බවත් කී කොමසාරිස්වරයා පුරවැසි වගකීම හඳුනා ගෙන සියලු දෙනා කටයුතු කරන්නේ නම් මේ ආකාර අවාසනාවන්ත තත්ත්වයක් උද්ඝත නොවන බව ද පැවසුවා.

මේ වනවිට ගොහාගොඩ කසළ අංගනයේ අලුතින් කසළ දැමීමට නොහැකි තරමට කසළ වලින් පිරීගොස් තිබෙන බවත් දෛනිකව නගරයේ එකතු වන ටොන් 100 කට ආසන්න කසළ තොගය නගර සභාවේ සේවකයින් දැඩි වෙහෙසක් ගෙන ඉවත් කලත් එහි සුළු පිරිසක් කසළ වෙන්කර බාර නොදීම පිළිබඳව කනගාටු වන බව ද ප්‍රකාශ කරයි.

t

o

p