මත් ජාලයක් මෙහෙය වූ ජනා ඇතුළු කල්ලියම අත්අඩංගුවට

February 12, 2024

ඩුබායි වල රැදී සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දේවේන්ද්‍ර යන අයගේ මත්ද්‍රව්‍ය බෙදා හැරීම සිදුකරන මාදංගහවත්තේ ජනා නැමැති අන්වර්ථ නාමයෙන් හැදුන්වනු ලබන දිනේෂ් පුෂ්පකුමාර යන අය යුක්තිය මෙහෙයුමට බියෙන් ජාවාරම සිදු කරනු ලබන මොරටුවැල්ල ප්‍රදේශයෙන් පලා ගොස් කුඩාඔය ප්‍රදේශයේ සැගවී සිටිමින් එහි සිට මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරන බවට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. ඉන්දික වීරසිංහ වෙත ලද තොරතුරකට අනුව මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්‍ෂ, පොලිස් අධිකාරි, සමන්තිලක වැලිවිට මහතාගේ සැලසුම් වලට අනුව වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරින් කණ්ඩායමක් කුඩාඔය ඇතිළිවැව ප්‍රදේශයේ සිදු කරන ලද ආවේක්‍ෂණ රාජකාරියකට අනුව ප්‍ර.පො.ප. මහේන්ද්‍ර, උ.පො.ප. සදරුවන් ඇතුළු නිලධරයන් කණ්ඩායමක් යොදවා ප්‍රධාන ජාවාරම්කරු සමඟ හෙරොයින් ග්‍රෑම් 490 ක් අත් අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සදහා කුඩාඔය පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

මෙම ජානා නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට එරෙහිව මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 97991 දරණ නඩුව යටතේ 2023.06.05 දින විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇති අතර, මොහුට එරෙහිව අරගල සමයේ මොරටුව අළුත් පාර, ආසිරි බාර් රථ බීම හල කොල්ලකෑම සම්බන්ධයෙන් මොරටුව අධිකරණයේ නඩුවක් ද පවති.

මෙම මත්ද්‍රව්‍ය ජාලයේ තවත් සැකකරුවන් සම්බන්ධ ලද තොරතුරු වලට අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. ඉන්දික වීරසිංහ සහ අධ්‍යක්‍ෂ, පොලිස් අධිකාරි සමන්තිලක වැලිවිට මහතා විසින් මෙම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ සැලසුමක් සකස් කර යුක්තිය මෙහෙයුමට සමගාමීව ක්ෂණිකව පො.ප. සම්පත්, උ.පො.ප. රත්නායක ඇතුළු නිලධාරින් කණ්ඩායමක් සහ උ.පො.ප. චතුරංග, උ.පො.ප. ජයවීරගේ ප්‍රධානත්වයෙන් යුත් වැටලීම් කණ්ඩායම් 02 ක් යොදවා සැකකරුවන් තිදෙනෙකු හෙරොයින් ග්‍රෑම් 19.65 , අයිස් ග්‍රෑම් 02.48 සහ මුදල් රුපියල් 2,34,480/= ක්, යතුරු පැදියක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සදහා සැකකරුවන් හා නඩු භාණ්ඩ මොරටුව පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

අත්අඩංගුවට ගන්නා ලද සියළුම සැකකරුවන් රදවා තැබීමේ නියෝග මත රදවා ඉදිරි විමර්ශන සිදු කිරීමට කටයුතු කර ඇත.

යුක්තිය මෙහෙයුමට සමගාමීව මෙම වැටලීම් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරී සමන්තිලක වැලිවිට මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහගේ මෙහෙයවීම යටතේ ප්‍ර.පො.ප. මහේන්ද්‍ර, පො.ප. සම්පත්, උ.පො.ප.ප. සදරුවන්, රත්නායක, චතුරංග, ජයවීර, පො.සැ.සැ. 34950 සම්පත්, 38713 ක්‍රිශාන්ත, 428 ජයලාල්, 1445 බටුවත්ත, 409 විජේරත්න, 75056 ඉන්දික, පො.සැ.රි. 11919 අජිත්, පො.කො.කො. 77090 බාලසුරිය, 84889 උදය කුමාර, 87119 අමිල, 39850 අශාන්, 91305 රශ්මික, 92896 අකිල, 94009 සියන්ත, 91287 සංජිව, 92905 අමිල, 26823 පෙරේරා, 104555 ලකීෂ, 104643 සේනාරත්න, 104891 හිරුෂාන්, 104327 දිල්ශාන්, 104679 නේරංජන්, 104914 වෙන්මදිරාජා, 104792 අබේකොන්, 105103 ප්‍රනාන්දු, කා.පො.කො.කො. 11352 දිල්හාරා, 13022 මෙලනි, 13103 සමිතා, පො.කො.රි.රි. 80831 උදේශ්, 16227 උදාර, 105529 සිල්වා, 105536 මල්ලවආරච්චි, 105577 රත්නායක යන නිලධරයන් කණ්ඩයාම විසින් සිදු කරන ලදි.

t

o

p