වයසට යෑම වළක්වන බෙහෙතක්

January 31, 2024

වසර 04ක පර්යේෂණයෙන් පසු කොළඹ සරසවියේ මහාචාර්ය සමීර සමරකෝන්ගෙන් වයසට යෑම වළක්වන බෙහෙතක් සොයා ගනියි.
වයසට යාම ප්‍රමාද කරවන ස්වාභාවික ඖෂධයක නිෂ්පාදන කටයුතු අවසන් අදියරේ පවතින බවත් එය නොබෝ දිනකින් ජනතාව අතට පත් කළ හැකිවෙතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ විද්‍යාඥ මහාචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා පැවැසීය.
මෙම ඖෂධය නිෂ්පාදනය කර ඇත්තේ ස්වභාවික ශාඛ සාර ආශ්‍රයෙන් බවත් එම ඖෂධයේ ක්‍රියාකාරීත්වය වනුයේ වයසට යාම වැළැක්වීම හෙවත්, කෙනකුගේ අංකමය වශයෙන් පෙනෙන වයසට වඩා අඩුවෙන් තරුණ බවට පත්වීම යැයිද ඒ මහතා සඳහන් කළේය.
මෙම ඖෂධය නිෂ්පාදනය සහ අත්හදා බැලීම් සඳහා තමා ඇතුළු කණ්ඩායමට වසර හතරකට වැඩි කාලයක් ගත වූ බවත් මේ වන විට එම ඖෂධයේ නිෂ්පාදන කටයුතු සියයට අනූ නමයක්ම අවසන්ව ඇති බවත්, ඉදිරියේ දී ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ගැනීම් ආදිය සිදු කෙරෙන බව ද හෙතෙම කියා සිටියේය. මේ වන විට මහාචාර්ය සමීර මහතා ඇතුළු කණ්ඩායම විසින් සොයා ගත් පිළිකා රෝගීන් හට දෙනු ලබන පෝෂක ඖෂධය සහ හිසකෙස් යාම වළක්වන තෛලය ලොවපුරා බෙහෙවින් ජනප්‍රියව පවතින බව ද හෙතෙම සඳහන් කළේය.

t

o

p