පියැසි මත සූර්ය පැනල තුලින් විදුලි ඒකක මිලියන 630 ක්

January 31, 2024

ලංවිම විදුලි පාරිභෝගිකයන් සඳහා ක්‍රියාත්මක කරන ලද පියැසි මත සූර්ය පැනල සවිකිරීමේ ක්‍රමවේදය (Rooftop Solar Scheme) යටතේ 2023 වසර තුල දී පමණක් විදුලි ඒකක මිලියන 630 ක් (630 million units) ජාතික පද්ධතියට එක් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව, රට පුරා විසිරී සිටින අපගේ පාරිභෝගික භවතුන් විසින් මෙම සුවිශේෂී ජාතික කාර්ය සඳහා ඔවුන්ගේ සහයෝගය ලබා දී ඇත. මෙහිදී සාම්ප්‍රදායික විදුලිය පාවිච්චි කිරීමේ ක්‍රමයෙන් බැහැර ව නව තාක්ෂණික අත්දැකීමක් ලබාගනිමින් ජාතික පද්ධතියට විදුලිය විකිණීමට පාරිභෝගිකයින් යොමුවී තිබීම අගය කල යුතුය. (change from Consumer to Pro-sumer / පරිභෝජනයෙන් විදුලි ජනනයට යොමුවීම).

t

o

p