76 වන ජාතික නිදහස් උළෙලට අදාළව පැවැත්වීමට නියමිත පෙරහුරු කටයුතු කල් දමා ඇති බව පොලිසිය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කළේ, අදාළ පෙරහුරු කටයුතු ලබන 30 වන අඟහරුවාදා සිට ආරම්භ කෙරෙන බවයි.
මීට පෙර සැලසුම් කර තිබුණේ එම පෙරහුරු වැඩසටහන් ලබන 29 වන සඳුදා සිට ආරම්භ කිරීමටයි.