“ඔන්ලයින් පනත” හෙට අනිද්දා විවාදයට

January 22, 2024

මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත (online safety bill) පාර්ලිමේන්තුවේදී හෙට (23) සහ අනිද්දා (24)යන දෙදින විවාදයට ගැනීමට නියමිතය.

ඒ අනුව පනත් කෙටුම්පත සම්මත කිරීම අනිද්දා (24) පස්වරුවේ සිදු කෙරෙන අතර පනත් කෙටුම්පත සම්බන්ධයෙන් බොහෝ දුරට ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇත.

මෙම පනත් කෙටුම්පත සලකා බැලෙන අවස්ථාවේදී සංශෝධන ගණනාවක් ඊට ඇතුළත් කෙරෙනු ඇතැයි ද වාර්තා වෙයි.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මෙම පනත් කෙටුම්පත කියවීම සඳහා පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කර තිබුණි.

t

o

p