ජීවිත 90ක් බිලිගත් අමෙරිකාවේ හිම කුණාටුව

January 22, 2024

ගෙවුණු සතිය පුරා අමෙරිකාවට බලපෑම එල්ල කළ හිම කුණාටු තත්ත්වය ආශ්‍රිත අනතුරුවලින් පුද්ගලයින් 90 දෙනෙකු මියගොස් තිබේ.

පවතින අධික හිමපතනය සහ ශීත සුළං තත්ත්වය මේ සතිය තුළත් පවතිනු ඇති බව අපේක්ෂිතයි.

අධික හිමපතනය හේතුවෙන් රටපුරා කලාප රැසක විදුලිය බිඳවැටී අතර, පවතින දැඩි ශීතල හමුවේ පුද්ගලයින් දහස් ගණනක් පීඩාවට පත්ව සිටී.

වැඩිම මරණ ගණනක් ටෙනිසි සහ ඔරිගොන් ප්‍රාන්තවලින් වාර්තා වූ අතර ඉලිනොයිස්, පෙන්සල්වේනියා, මිසිසිපි, වොෂින්ටන්, කෙන්ටාකි, නිව්යෝර්ක්, ඇතුළු තවත් ප්‍රාන්තවලින් ද මරණ වාර්තා වී තිබිණි.

t

o

p