සහල් ආනයනය ගැන කෘෂි ඇමතිගෙන් ප්‍රකාශයක්

January 14, 2024

2024 වසරේදී ද මෙරටට සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

2022 වසරේදී මෙරටට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 08ක් ඩොලර් මිලියන 300ක වියදමින් ආනයනය කළද 2023 දී සහල් ඇටයක්වත් ආනයනය කිරීමට රටේ ගොවි ජනතාව ඉඩ නොතැබූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (13) බරවකුඹුක කච්චිගල්ආර ප්‍රදේශයේ අපනයනය සඳහා වන පොල් ආශ්‍රිත අතුරු නිෂ්පාදන ගම්මානයය සඳහා වන නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ වැඩ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

t

o

p