නව දුම්රිය එන්ජින් 2ක් පෙබරවාරියේ මෙරටට

January 14, 2024

ඉන්දියාවෙන් මෙරටට නොමිලේ ලබා දෙන දුම්රිය එන්ජින් 20 න් එන්ජින් 02 ක් පෙබරවාරි 04 පෙර මෙරටට රැගෙන එන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම දුම්රිය එන්ජින් මෙරට ධාවනය සඳහා සුදුසු ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා එලෙස රැගෙන එන බවයි.

දුම්රිය එන්ජින් මෙරට උතුරු දුම්රිය මාර්ගයේ බඩු ප්‍රවහානය සඳහා යොදා ගැනීමට නියමිත බව ද සඳහන් වෙයි.

t

o

p