අම්පාරේ මාර්ග කිහිපයක ගමනාගමනයට සීමා

January 11, 2024

අම්පාර – කරතිව් සහ අම්පාර – පොතුවිල් මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් සැහැල්ලු වාහන ධාවනය සීමා කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දෙයි. 

අම්පාර, සියඹලාඅණ්ඩුව ප්‍රධාන මාර්ගයේ අම්පාර, ගල්මඩුව ප්‍රදේශයෙන් ගමනාගමනය සීමා කර තිබේ. අම්පාර ඉගිනියාගල ප්‍රධාන මාර්ගය සුදුවැල්ල ප්‍රදේශයෙන් වසා දමා ඇති බව ද සඳහන්.

එම මාර්ග හරහා ධාවනය වන සැහැල්ලු වාහනවලට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි එම මධ්‍යස්ථානය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

t

o

p