අස්වැසුම පවුල් සංඛ්‍යාව ඉහළ දැමීමට තීරණයක්

January 10, 2024

අස්වැසුම ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව ලක්ෂ 24ක් දක්වා ඉහළ නංවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. 

පවතින දුෂ්කර ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළැඹි බවයි අමාත්‍යවරයා පැවසුවේ. 

එමෙන්ම අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධව ලැබී තීබු අභියාචනා සහ විරෝධතා අතරින් 51⁣%ක් සලකා බැලීම මේ විට අවසන්ව ඇති අතර ජනවාරි 31 වන විට සියල්ල අවසන් කළ හැකි බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

t

o

p