පනත් කෙටුම්පත් අටක් ලබන සතියේ පාර්ලිමේන්තුවට

January 7, 2024

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම් සතියට පනත් කෙටුම්පත් අටක් ඉදිරිපත් කිරීමට නියමිත බව බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ එම පනත් කෙටුම්පත් අට අතරට සංශෝධිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ඇතුළත් වන බවයි.

ජනවාරි මාසයේ ඉදිරිපත් කිරීමට නියමිත කෙටුම්පත් අතරට ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත , ජාතික ජලවිදුලි පනත් කෙටුම්පත, අධිකරණ විනිශ්චය සභාවකට හෝ ආයතනයකට අපහාස කිරීම සමබන්ධපනත් කෙටුම්පත, ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වූ කාර්යාලය පනත් කෙටුම්පත, සමථ පනත් කෙටුම්පතේ ප්‍රතිඵලයක් ලෙස අන්තර්ජාතික බේරුම්කරණ ගිවිසුම් පිළිගැනීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනත් කෙටුම්පත, නොතාරිස් (සංශෝධන) පනත් කෙටුම්පත, ඇටෝර්නි බලතල (සංශෝධන) පනත් කෙටුම්පත,වංචා වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සහ සමථ මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත ඇතුළත් වේ.

ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා වන අතර අනෙක් සියල්ල පාර්ලිමේන්තුවේ දෙවැනි වර කියවීම සඳහා ඉදිරිපත් කෙරෙන බවද අමාත්‍යවරයා පැවසීය.

විවිධ පාර්ශ්වකරුවන් සහ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව විසින් ප්‍රකාශ කරන ලද අදහස් සහ යෝජනා අනුව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ නව සංස්කරණය සංශෝධනය කර ඇති බව අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර එය අධිකරණය හමුවේ අභියෝගයට ලක්කළ හැකි බවද අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

t

o

p