දෙසැම්බර් 30, 31 දින දෙකේදී බෙලිඅත්ත සහ කොළඹ කොටුව සිට අනුරාධපුරය දක්වා ගමන් කරන බැතිමතුන් සඳහා විශේෂ දුම්රිය ධාවනය සඳහා කටයුුතු යොදා ඇති බව දුම්රිය මූලස්ථානය සඳහන් කරයි.
ඒ අනුරාධපුර රුවන්වැලි මහසෑය අභියසදී පවත්වනු ලබන මහා අරියවංශ දේශනාව වෙනුවෙන්.
මීට අමතරව මහනුවර සිට මෙම පුණ්යකර්මය සඳහා සහභාගීවන බැතිමතුන්හට මහනුවර දුම්රිය ස්ථානයෙන් පෙ.ව. 6.50 ට කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක 1036 දුම්රියෙන් පොල්හහවෙල දුම්රිය ස්ථානයට පැමිණ මෙම විශේෂ දුම්රියෙන් අනුරාධපපුරය දක්වා ගමන් පහසුකම් සලසා ඇති බව ද එම මූලස්ථානය සඳහන් කරයි.