ශ්‍රී ලංකාව, ලොව ඩෙංගු අධිකම රටවල් 30 අතරට

December 27, 2023

ලොව ඉහළම ඩෙංගු වසංගත තත්ත්වයක් පවතින රටවල් 30 අතර ශ්‍රී ලංකාව ද ඇතුලත් ව සිටින බව ඩෙංගු රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති නවතම නිවේදනයක දැක්වෙයි.

වසර 2000 සිට 2019 දක්වා ගත වූ වසර 19 ක කාලය තුළ ලොව පුරා රටවලින් වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව පන්ලක්ෂයේ සිට මිලියන 5.2 ක් දක්වා දස ගුණයක වැඩි වීමක් පෙන්නුම් කරන බවද එම සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලොව ඉහළම ඩෙංගු වසංගත තත්ත්වයක් පවතින රටවල් 30 අතර ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, ඉන්දුනීසියාව, මියන්මාරය හා තායිලන්තය යන ආසියාතික රටවල් වෙයි.

t

o

p