ගාසා වැසියන්ට ශ්‍රී ලංකාවෙන් සහනයක්

December 26, 2023

ශ්‍රී ලංකාව තේ කිලෝග්‍රෑම් 1000ක් ගාසා වැසියන් වෙත පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.

සෞදි අරාබි ආණ්ඩුව හරහා මේ ආධාර ගාසා තීරය වෙත යැවීමට කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් සිදුකරන මෙම පරිත්‍යාගය ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් සෞදි අරාබියේ රියාද් වෙත නුදුරේදීම රැගෙන යෑමට නියමිතයි.

සෞදි රජය පලස්තීනුවන්ට ආධාර එකතු කිරීම සහ ආහාර සහ නවාතැන් වැනි සහන ලබා දීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් දියත් කර තිබේ.

t

o

p