නත්තල නිමිත්තෙන් රැඳවියන් 1004කට ජනපති සමාව ලබා දීමට තීරණය කර තිබෙනවා.
ඒ අතරින් පිරිමි රැදවියන් 989ක් සිටින අතර කාන්තාවන් 15ක් සිටින බවයි වාර්තා වෙන්නේ.
මේ අතරට පල්ලේකැලේ එලිමහන් සිරකඳවුරෙන් 162ක්ද, අනුරාධපුර බන්ධනාගාරයේ 78ක්ද, වැලිකඩ බන්ධනාගාරයේ 42ක්ද ඇතුළත්වන බව සඳහන්.