‘යුක්තිය’ ක්‍රියාන්විතය යටතේ මේ දක්වා සිදුකර ඇති සමස්ත දේපළ පවරා ගැනීම්වල වටිනාකම රුපියල් ලක්‍ෂ 2938.73 ක් බව මහජන ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍යාංශය නිවේදනය කරයි.
මෙහිදී පවරා ගනු ලැබූ වාහනවල වටිනාකම රුපියල් ලක්‍ෂ 1427 ක් වන අතර ඉඩම් නිවාස, ස්පා සහ විලා ආදියෙහි වටිනාකම රුපියල් ලක්‍ෂ 1370 ක් වන අතර එහිදී අත්අඩංගුවට ගනු ලැබූ රත්තරන් තොගයේ වටිනාකම රුපියල් ලක්‍ෂ 140.5 කි.
මුදල් ලෙස රුපියල් එක්ලක්‍ෂ විසිතුන් දහසක්ද පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබේ.
හඳුනාගෙන ඇති ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 109 දෙනකුගේ රුපියල් කෝටි සියයකට අධික වත්කම් තහනම් කිරීමට ද ඉදිරියේදී පොලිසිය කටයුතු කරනු ලබන බව සදහන්.