සුඛෝපභෝගී මගී නෞකා 35ක් කොළඹට

December 20, 2023

එලඹෙන සංචාරක සමයත් සමග නව වසරේ සුඛෝපභෝගී මගී නෞකා 35 ක් පමණ කොළඹ වරායට පැමිණීමට නියමිත බව වරාය අධිකාරියේ නාවුක කොට්ඨාසය පවසයි.

එමෙන්ම ඉදිරි වසරවලදී සුඛෝපභෝගී නෞකා විශාල සංඛ්‍යාවක් කොළඹ වරායට පැමිණීම සඳහා ගිවිසුම් ගත වී ඇති බවට සඳහන් වෙයි.

එබැවින් එම මගී නෞකාවල මෙහෙයුම් කටයුතු සඳහා දැනට තිබෙන පැරණි මගී පර්යන්තයේ ඉඩකඩ සහ පහසුකම් නොමැති වීම හේතුවෙන් එම මෙහෙයුම් කටයුතු සඳහා බණ්ඩාරනායක තටාකය පිහිටි ජැටිය යොදා ගැනීමටත්, එම ස්ථානයේ පිහිටි ගබඩා වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමටත්, වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් වරාය අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

t

o

p