ඉන්දියාවෙන් නව කොවිඩ් ප්‍රභේදයක් වාර්තා වෙයි

December 18, 2023

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් නව කොවිඩ් ප්‍රභේදයක් හඳුනාගත් බව එරට මාධ්‍ය වාර්තා කරයි.

JN.1 ලෙස නම් කර ඇති මේ කොවිඩ් ප්‍රභේදය පසුගිය සෙනසුරාදා පළමු වරට ප්‍රකාශයට පත් කර තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වෙයි.

නව ප්‍රභේදය හඳුනාගෙන ඇත්තේ මීට පෙර කොවිඩ් ආසාදනයට ලක් වූ ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහිත තිරුවෙන්දපුරම් දිස්ත්‍රික්කයේ පදිංචි 79 හැවිරිදි කාන්තාවකගෙන් බවත් එරට මාධ්‍ය සඳහන් කරයි.

මේ වන විට එම ප්‍රාන්තයේ JN.1 කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් 1,324 දෙනකු හඳුනාගෙන ඇතැයිද, පසුගිය දින දෙක ඇතුළත කොවිඩ් මරණ දෙකක්ද වාර්තා වී ඇතැයිද ප්‍රාන්ත මාධ්‍ය සඳහන් කර තිබේ.

t

o

p