හෙද සේවාව සඳහා සම්මුඛ පරීක්ෂණ ලබන ජනවාරියේදී

December 18, 2023

රජයේ රෝහල්වල හෙද සත්කාර සේවාවට බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ ලබන ජනවාරි 13 වනදා සිට පෙබරවාරි 18 වනදා දක්වා පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව 2019 – 2020 උසස් පෙළ විද්‍යා සහ ගණිත අංශ විෂය ධාරාවලින් සමත්වී සිසු හෙද පුහුණුව සඳහා අයදුම්පත් යොමුකරන ලද අයදුම්කරුවන්ගේ මූලික සුදුසුකම් පරික්ෂා කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සහ දිවයින පුරා හෙද විදුහල්වල පැවැත්වීමට සැළසුම් කර ඇති බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබන 27 වනදායින් පසු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර මේ සඳහා හාර දහසකට අධික පිරිසක් අයදුම්කර තිබේ.

t

o

p