අපනයනය ඉලක්ක කර ගනිමින් තැඹිලි වගාව ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට ප්‍රථම තැඹිලි වගා ආදර්ශ ගම්මානය සංවර්ධනය මුරුතවෙල ඉහළ ප්‍රදේශයේ ඊයේ ආරම්භ කෙරිණ.
අමාත්‍යංශය පැවසුවේ මෙරට තැඹිලි සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ ඉහළ ඉල්ලුමක් පවතින බවයි.
මාසයකට තැඹිලි කන්ටේනර් 200ක් මේ වනවිටත් එරටට අපනයනය කෙරෙමින් පවතින බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කළේ ය.