ආසියාවේ පළමු වරට සුවසැරියට AI තාක්ෂණය

December 13, 2023

1990 සුවසැරිය සුවිශේෂී සංධිස්ථානයකට පැමිණියා. ඒ තමයි, ආසියානු කළාපයේ පළමු වරට ගිලන් රථ සේවාවක් Mixed reality සහ AI තාක්ෂණය භාවිතා කර ගිලන්රථය තම වෛද්‍යවරයා සමග ඒකාබද්ධ කිරීම. මීට කලින් මෙම ඒකාබද්ධතාවය සිදුවුණේ දුරකතනය මගින්. මේ නිසා, සුවසැරියේ ජීවිත බේරාගැනීමේ මෙහෙයුම තව තවත් ශක්තිමත් වෙයි.

මේ සඳහා සුවසැරිය සමග අත්වැල් බැඳගෙන සිටින Wavenet සමාගමටත් තාක්ෂණික දායකත්වය ලබාදෙන මයික්‍රෝසොෆ්ට් සමාගමටත් මා ස්තූතිවන්ත වෙනවා. මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස මුලින්ම කොළඹ සහ යාපනය දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කර පසුව දිවයිනේම ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ අතර, සුවසැරිය සේවකයින්ටත් 10,000/= ජීවන වියදම් දීමනාව ලබාදෙන්නැයි මා කළ ඉල්ලීම ඉටුකරන බව අමාත්‍ය රමේෂ් පතිරණ මෙම අවස්ථාවේදී සඳහන් කරයි.
⁣1990 සුවසැරිය ක්‍රියාන්විතයට ස්⁣වේච්ඡාවෙන් නායකත්වය ලබාදෙන දුමින්ද්‍ර රත්නායක මහතාටත්, සුවසැරිය ප්‍රධාන විධායක නිළධාරී සොහාන් ද සිල්වා මහතාටත්, දිවා රෑ කැපවී රට වෙනුවෙන් උතුම් සේවාවක් සිදුකරන කාර්ය මණ්ඩලයටත්, අධ්‍යක්ෂ මණ්ඩලයටත් මා ප්‍රණාමය පුද කරයි.

ආචාර්ය හර්ෂ ද සිල්වා

t

o

p