ඝණ පූර්ණය නොමැතිව පාර්ලිමේන්තුව කල් තැබීම හේතුවෙන් සම්මත කර ගත නොහැකි වූ වැට් සංශෝධනය කෙටුම්පත අද (11) දිනයේ යළිත් ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉතා වැදගත් පනත් කෙටුම්පතක් විවාද කරමින් සිටිය දී විපක්ෂය තර්කානුකූලව එය පරාජය කිරීම වෙනුවට වෙනත් ක්‍රියාමාර්ග අනුගමනය කරන බවයි.
අදාළ කෙටුම්පත පසුගිය අගෝස්තු මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, වැට් බද්දට අදාළවන භාණ්ඩ ලැයිස්තුව ඊට ඇතුළත් බවයි අමාත්‍යවරයා පැවසුවේ.
අද (11) දින පෙරවරුවේ අදාළ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.