සත්‍යය, සමඟිය සහ සංහිඳියාව සඳහා වන ස්වාධීන කොමිසමක්

December 8, 2023

පාර්ලිමේන්තු පනතක් මඟින් සත්‍යය, සමඟිය සහ සංහිඳියාව සඳහා වන ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීමට රජය සැලසුම් කර තිබේ.

ඊට අදාළ නීති කෙටුම්පත් කිරීම සඳහා වන සංකල්ප පත්‍රිකාව පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කර සකස් කරමින් පවතින බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

සත්‍යය, සංක්‍රාන්තික යුක්තිය, සංහිඳියාව, වන්දි ගෙවීම සහ සමාජ ඒකාබද්ධතාවය තුළින් ජාතික සමඟිය ශක්තිමත් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක මෙම වැඩසටහන සඳහා වැඩිදුර අදහස් ලබාගැනීම නුදුරේදීම ආරම්භ වීමට නියමිතයි.

t

o

p