ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක්

December 7, 2023

ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

රටේ විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් එලෙස විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

විදුලිය පාරිභෝජනය කර මාසයක් ඉක්මගිය පසු විදුලි බිල ගෙවිය යුතු අතර බහුතර පාරිභෝගිකයන් සංඛ්‍යාවක් නියමිත වේලාවට විදුලි බිල්පත් ගෙවනු ලබන බවත් රතු බිලක් ලබා දෙනුයේ මාසයක් ගතවු පසුව බවත් ඊට අමතරව රතු බිල්පත් නිකුත් කර තවත් දින 10ක සහන කාලයක් ලබාදෙන බවත් සඳහන් කර ඇති අතර විදුලිය විසන්ධි කිරීම සිදුකරනු ලබන්නේ ඉන් පසුව බවද දැනුම්දෙයි.

1023 වසරේ මුල් මාස 10 තුළදී විදුලිය විසන්ධි කිරීම් හා නැවත සම්බන්ධ කිරීම් 544,488ක් සිදුකර ඇති බවත් වසරකට නව පාරිභෝගිකයින් 150,000ක් පමණ අලුතින් විදුලි සම්බන්ධතා ලබාගන්නා බවත් 2023 වසරේ 544,488ක් විදුලිය විසන්ධිකිරීම් සහ නැවත සම්බන්ධ කිරීම් සිදුකර ඇති බවද සදහන් කරයි.

ලංකා විදුලිබල මණ්ඩලය හඳුන්වාදුන් ඊ බිල් (e-bill) පත් ක්‍රමවේදය අනුව රතු බිල්පත් නිකුත් කිරීම ක්‍රම ක්‍රමයෙන් අඩු කරමින් පවතින බවත් එම මණ්ඩලය ඒ වෙනුවට ඉතා ඉක්මනින් හිඟ මුදල SMS මඟින් පාරිභෝගිකයන් වෙත දැනුම් දෙන බවද ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර ඇත.

t

o

p