450 CC යතුරුපැදි මෙරට ලියාපදිංචි කිරීමට නව වැඩසටහනක්

December 7, 2023

මෙරට ලියාපදිංචි නොකළ ඉහළ ධාරිතාවයකින් යුත් (එන්ජින් ධාරිතාව 450cc ට වැඩි) යතුරුපැදි නීත්‍යානුකූලව ලියාපදිංචි කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

ඒ අනුව ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයට අදාළ නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරි සති කිහිපය තුළ ලබාදෙන ලෙස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබේ.

ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බව ද අමාත්‍ය ගුණවර්ධන මහතා පවසයි.

දැනට රට තුළ ඇති එවැනි යතුරුපැදි 5,000ක් ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය බදු අයකර දැඩි නීතිමය කොන්දේසි යටතේ ලියාපදිංචි කිරීමට අවශ්‍ය නිර්දේශ කමිටුවෙන් ලබාදෙන ලෙස අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලීමක් කරයි.

t

o

p