එළැඹෙන කන්නයේදී වී මෙට්‍රික් ටොන් 10,000 ක්

December 4, 2023

එළැඹෙන කන්නයේදී වී මෙට්‍රික් ටොන් 10,000 ක් මිලදී ගැනීමට අපේක්ෂා කරන බව වී අලෙවි මණ්ඩලය පවසයි.

එහි සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පැවසුවේ, කන්නයේ සමස්ත අස්වැන්න මිලදී ගැනීමට හැකියාවක් නොමැති බවයි.

කෙසේ වෙතත්, එළැඹෙන කන්නයේ සම්පූර්ණ අස්වැන්නෙන් 5% ක් වැනි ප්‍රතිශතයක් හෝ මිලදී ගැනීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේ ය.

t

o

p