තායිලන්තයේදී අපේ පුංචි වීරයින්ගෙන් සුපිරි වාර්තාවක්

December 3, 2023

තායිලන්තයේදී පැවති WESPA Youth Cup 2023 Scrabble තරගාවලියේදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තිදෙනෙකු එහි පළමු, දෙවන සහ තුන්වන ස්ථානයන් හිමිකරගනිමින් සුවිශේෂී දක්ෂතාවයක් දැක්වීමට සමත්විය.

මෙලෙස එහි ශූරතාවය හිමිකරගෙන ඇත්තේ 16 හැවිරිදි වියේ පසුවන හිවින් දිල්මිත් විසිනි.

ඔහු ගාල්ල මහින්ද විද්‍යාලයේ සිසුවෙකි.

යෞවන Scrabble ශූරතාවලියේ දෙවන ස්ථානයද ශ්‍රී ලාංකික සිසුවෙකු වන අධීෂ දිසානායක විසින් හිමිකරගැනීම විශේෂත්වයකි.

15 හැවිරිදි වියේ පසුවන ඔහු කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබයි.

කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබන කවිඳු මලවරආරච්චි යෞවන Scrabble ශූරතාවලියේ තුන්වන ස්ථානය හිමිකරගනිමින් මෙම සුවිශේෂී දක්ෂතාවය දක්වා තිබේ.

t

o

p