සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට

December 3, 2023

මත්පැන් බෝතල්වල අලවන ව්‍යාජ ස්ටිකර් පරීක්ෂා කිරීමට පියවර ගැනීමෙන් පසු සුරාබදු දෙපාර්තමේන්තුවේ මාසික ආදායම රුපියල් බිලියනයකින් වැඩිවී ඇති බව අනාවරණය වී තිබේ.

ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේදී මෙම තොරතුරු අනාවරණය වූ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ජනාධිපතිවරයාට ලබාදුන් වාර්තාවේ සඳහන් කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් කාරක සභාව හමුවට කැඳවා තිබිණි.

සුරාබදු පනතේ සංශෝධන සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමුව තිබේ.

මේ වන විට වැඩිකරගෙන ඇති ආදායම් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව සහ අහඹු ලෙස වැටලීම් ඉදිරියට ද කරගෙන යාම ව්‍යාජ ස්ටිකර් මත්පැන් බෝතල්වල ඇලවීම තවදුරටත් අවම කිරීමට හේතුවන බව මෙහිදී කමිටුව පෙන්වා දී ඇති බව වාර්තා වේ.

t

o

p