උඩරට දුම්රිය මාර්ගයේ හපුතලේ හා දියතලාව දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (01) අළුයම විශාල ගල් කුට්ටි කඩා වැටිමෙන් දුම්රිය ගමනාගමනයට බාධා පැමිණ ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය මස 17 දින කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබු රාත්රි තැපැල් දුම්රියට ගල් පෙරලුණු සැතපුම් 153/13 කණුව අසලදි එහි කන්ද උඩ තිබු ගල් කුට්ටි කිහිපයක් පස් සමග මෙලෙස කඩා වැටී ඇති බවද ඔවුන් පවසයි.
ඒ අනුව කොළඹ සිට බදුල්ල බලා පැමිණි රාත්රි තැපැල් දුම්රිය නැවත හපුතලේ දුම්රිය ස්ථානය වෙත නැවත ධාවනය කර එහි සිටි මගින්හට බස්රථ මගින් ප්රවාහන පහසුකම් සලසා දි ඇති අතර බදුල්ල සිට කොලඹ බල අද පෙරවරු ගමන් ආරම්භ කල ‘උඩරට මැණිකේ ‘ දුම්රිය බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ නවතා ඇති බවද බදුල්ල දුම්රිය ස්ථානයේ කාර්ය භාර නිලධාරි පැවසීය.