සෑම පළාත් පාලන ආයතනයකටම IT නිලධාරියෙක්

November 27, 2023

රාඡ්‍ය ආයතන වල දුෂණ අක්‍රමිකතා මැඩ පැවැත්වීම සඳහා සෑම පළාත් පාලන ආයතනයකටම තොරතුරු තාක්ෂණ නිලධාරියෙකු (IT Officer) පත්කරන ලෙස විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පළාත් පාලන ආයතනවල ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබේ.

මහජනතාව විසින් විවිධ කාරණා සම්බන්ධයෙන් විමසීම් සිදුකර, ආයතන සඳහා යොමු කරන ලිපි සඳහා කඩිනමින් පිළිතුරු ලිපි යොමු කිරීම ඉතාමත් අත්‍යාවශ්‍ය කටයුත්තක් බවද එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා පවසයි.

අදාළ රාජ්‍ය ආයතන සඳහා විවිධ සැළසුම් වර්ග අනුමත කරගැනීම සඳහා පැමිණෙන පිරිස් වෙත ඒවා පරික්ෂා කර බලා අනුමැතිය ලබාදීමට කාර්යක්ෂම වැඩ පිළිවෙලක් සකසන ලෙසයි එම කාරක සභාව මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

t

o

p