සුරා බදු ආදායම ඉහළ දමන්න අයවැයෙන් අලුත් යෝජනාවක්

November 23, 2023

සුරාබදු බලපත්‍ර ගාස්තුව ඉදිරියේදී වත්මන් ඉල්ලුමට සහ වත්මන් වෙළඳපල තත්ත්වයට ගැලපෙන අයුරින් වැඩිකිරීමට යෝජනා කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

රාජ්‍ය ආදායම ඉහළ දැමීම සඳහා ඊට අදාළ පාර්ශව එක් කරගෙන ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය හමුවේ පැවසුවේ.

සෘජු බදු ගෙවන පිරිස වැඩි කිරීම මගින් රජය උත්සාහ කරන්නේ සැබෑවටම බදු ගෙවන්නන්ගේ බදු බර අඩු කිරීමට කටයුතු කිරීම බවද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ.

t

o

p