ශ්‍රී ලංකාවේ 7වෙනි ජනාධිපතිවරණය අද

January 8, 2015

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7 වෙනි ජනාධිපතිවරයා තේරීමේ ජනාධිපතිවරණය අද (08) පැවැත්වීමට සියලු කටයුතු සූදානමින් පවතී.

මෙවර ජනාධිපතිවරණය සඳහා ‍අපේක්ෂකයන් 19ක් ඉදිරිපත් වී සිටිති.

2015 ජනාධිපතිවරණය සඳහා මැතිවරණ දිස්‌ත්‍රික්‌ක 22ක ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති මුළු ඡන්ද දායකයන් සංඛ්‍යාව 15,044,490කි. එයින් තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව 545,500 කි.

ඡන්ද මධ්‍යස්‌ථාන 12,314ක දී ඡන්ද විමසීම සිදුකරන අතර ඒ සඳහා නිලධාරීහු එක්‌ලක්‍ෂ පනස්‌දහසක්‌ පමණ මැතිවරණ රාජකාරිවල නිරත වේ. මධ්‍යස්ථාන 1412කදී ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදු කෙරෙනු ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p