පාප් වහන්සේගේ සංචාරය ආවරණයට දෙස් විදෙස් මාධ්‍යවේදීන් 1000ක්

January 7, 2015

ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය ආවරණය කිරීම සඳහා දෙස් විදෙස් මාධ්‍යවේදීන් 800 – 1000 අතර පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි සුදුතුම් පියලංකා මාධ්‍ය හා තොරතුරු කාර්යාංශයේ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පැවසීය.

පියතුමා එසේ පැවසුවේ ඊයේ(6) දා පෙරවරුවේ ‘සෙඩෙක්’ ආයතනයේ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. සුදුතුම් පිය ලංකා ගමන සම්බන්ධයෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්වුණි.

මේ මාධ්‍ය හමුවේදී නිල තේමා ගීතය මෙන්ම ගීතිකාව ද එළිදක්වනු ලැබීය.

ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ පැමිණෙන ගුවන් යානාවෙන්ම විදේශීය මාධ්‍යවේදීන් 82ක් ශ්‍රී ලංකාවට පැමිණෙන බව සඳහන් කළ පියතුමා තවත් විදේශීය මාධ්‍යවේදීන් 150ක් ලියාපදිංචි වී ඇතැයි ද සඳහන් කළේය.

එයට අමතරව දෙස් මාධ්‍යවේදීන් 250ත් 400ත් අතර ප්‍රමාණයක් ආවරණ කටයුතු වලට සම්බන්ධ වනු ඇතැයි විශ්වාසය පළ කළ පියතුමා ගාලු මුවදොර හෝටලයේදී ප්‍රධාන මාධ්‍ය කාර්යාංශයක් පිහිටවනු ලබන බවත් එහි මාධ්‍යවේදීන්ට අවශ්‍ය තාක්ෂණික මෙන්ම සියලුම යටිතල පහසුකම් සපයා ඇතැයි ද සඳහන් කළේය.

ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය නිමිත්තෙන් සියලුම කතෝලික නිවාස වල කතෝලික ධජය හෝ ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ධජය ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරන ලෙස ද මෙම මාධ්‍ය හමුවේදී පියතුමා කතෝලික බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කළේය.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p