සීනි මෙට්‍රික් ටොන් 19000ක් රට තුළ තිබෙනවා – මුදල් රාජ්‍ය ඇමති

November 19, 2023

පාරිභෝගික අධිකාරිය පවසන ආකාරයට මේ වන විට සීනි මෙට්‍රික් ටොන් 19000ක පමණ සීනි තොගයක් රටතුළ පවතින බැවින් රට තුළ සීනි හිඟයක් ඇතිවීමට හැකියාවක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අද උදෑසන දැරණියගල – ඉළුක්තැන්න ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරයි.

තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ආනයනය කරන භාණ්ඩ වර්ගයක ආනයන බදු වැඩි කළ විට රට තුළ එම භාණ්ඩ තොගයක් තිබුණ හොත් බදු පැනවීමෙන් පසු එම තොගයේ වටිනාකම වැඩිවන බවයි.

එහෙත් රජයක් ලෙස එසේ අයුතු ලාභ ලැබීම වැලැක්වීම සඳහා උපරිම සිල්ලර මිලක් පැනවිය හැකි බව ඔහු කියා සිටියි.

t

o

p