මුඩු බිම් පනත යටතේ බ්‍රිතාන්‍ය සමයේ පාරම්පරික ඉඩකඩම් අහිමි වූ ගොවීන්ට යළිත් ඉඩම්

November 13, 2023

බ්‍රිතාන්‍ය සමයේ පාරම්පරික ඉඩකඩම් අහිමි වූ ගොවි ජනතාවට යළිත් ඒ ගොවි බිම්වල පූර්ණ පෞද්ගලික අයිතිය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඒ අනුව, පවුල් ලක්ෂ 20කට මෙමගින් ඉඩම් හා ගොවි බිම් අයිතිය ලබා දෙන අතර 2024 අය-වැයෙන් රුපියල් බිලියන 2ක් ඒ සඳහා වෙන් කර තිබේ.

2024 වසර තුළ මෙය ආරම්භ කර තවත් වසර කීපයක් ඇතුළත සම්පූර්ණයෙන් ම එය නිම කිරීමට අපේක්ෂාව කරන බව ඔහු තවදුරට ත් සඳහන් කළේ ය.

1897 ලංකා මුඩුබිම් ආඥා පනත සම්මත වී ඇති අතර ඒ යටතේ රට පුරා ගැමි ඉඩම් අක්කර දහස් ගණනක් බ්‍රිතාන්‍ය රජය අත්කර ගෙන තිබිණි.

ඉන් පසු, 1935 දී ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ගොවීන්ට බලපත්‍ර ක්‍රම මගින් ඉඩම් කොටස් ලෙස ලබා දී තිබේ.

t

o

p