උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට මේ වනවිට බාධා එල්ල වී ඇති බව වාර්තා වෙයි.
එම මාර්ගයේ බණ්ඩාරවෙල, හීල්ඔය සහ කිණිගම අතර කොටසට පස් කන්දක් කඩා වැටීමෙන් දුම්රිය මාර්ගයේ ගමන ගමනයට මෙලස බාධා එල්ල වී ඇති බව සඳහන්.
මේ වනවිටත් දුම්රිය මාර්ගයට කඩා වැටුණු පස් ඉවත්කිරීමේ කටයුතුවල දුම්රිය සේවකයින් නිරතව සිටියි.