සමස්ත ලංකා මහජන කොංග්‍රසයෙන් අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයාව නෙරපා හරියි

November 8, 2023

පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාව සමස්ත ලංකා මහජන කොංග්‍රසය පක්ෂයෙන් ඉවත්කළ බව එම පක්ෂයේ සභාපති එම්.එස්.එස්. අමීර් අලි මහතා පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා මෙසේ පැවසීය.

“පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා සම්බන්ධයෙන් පක්ෂයේ විනය කමිටුව මගින් කළ විමර්ශන මාලාවකින් පසුව ඔහුව පක්ෂයෙන් ඉවත් කිරීමට තීරණය කරනු ලැබුවා. වගකිව යුතු ජනතා නියෝජිතයෙක් වන අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා නීති විරෝධී ලෙස රත්‍රං ජාවාරම් කළ සිද්ධිය අප පක්ෂයටත්, ජන සමාජයටත්, ඔහුව තෝරා පත් කර ගත් ජනතාවටත් සහ රටටත් අපකීර්තියක් ඇති කල නිසා ඔහුගේ සාමාජිකත්වය ඉවත් කිරීමට තීරණය කරනු ලැබුවා.”

මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ විධායක මණ්ඩලය සිදුකරන ලද පරීක්ෂණයේ ප්‍රතිඵලයක් ලෙස මෙම තීරණය අප පක්ෂය විසින් ගනු ලැබුවා.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී සමස්ත ලංකා මහජන කොංග්‍රසය සහ මුස්ලිම් ජාතික සන්ධානය (MNA) අතර ඇති කරගත් මැතිවරණ ගිවිසුමකට අනුව අලි සබ්රි රහීම් මහතා තුලාව ලකුණින් තරග කිරීම විශේෂත්වයකි. ඒ අනුව ඔහුව පක්ෂයෙන් ඉවත් කිරීමේ ලිපිය මුස්ලිම් ජාතික සන්ධානයේ ලේකම් නයිමුල්ලා මහතා සහ අලි සබ්රි රහීම් මහතා වෙත වෙන වෙනම යවා ඇත.

එම ලිපිය භාර ගත් මුස්ලිම් ජාතික සන්ධානයේ ලේකම් නයීමුල්ලා මහතා මේ සම්බන්ධයෙන් ඉක්මන් පියවර ගන්නා බවට පොරොන්දු වූ බව ද සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සභාපති එම්. එස්. එස්. අමීර් අලි මහතා පවසා ඇත.

t

o

p