තොරතුරු තාක්ෂණය යොදා ගනිමින් රාජ්‍ය ආදායම් වැඩි කිරීම ගැන සමාලෝචනයක්

November 6, 2023

රජයේ ආදායම් වැඩි කිරීිම සදහා තොරතුරු තාක්ෂණය උපයෝගී කරගැනීමට අදාළව, අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ සභාපතීත්වයෙන් යුතුව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පත් කළ මූලික තාක්ෂණික කමිටුව ප්‍රගති සමාලෝචනය සඳහා පසුගියදා රැස් විය.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ මූලිකත්වයෙන් පැවති මෙම රැස්වීමේදී මෙම තාක්ෂණික කමිටුවේ කටයුතු අගයමින් කෝපා කමිටු සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ මෙම කමිටුව මගින් සකස් කළ වාර්තාව පරීක්ෂා කළ බවත් ඒ සම්බන්ධයෙන් ස්තූතිය පළ කරන බවත්ය. එසේම මෙම තාක්ෂණික කමිටුව මින් ඉදිරියට කටයුතු කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම මෙම රැස්වීමේ අරමුණ වන බවත් ඒ මහතා සඳහන් කළේය.

රජයේ ආදායම එකතු කිරීම, වැඩිදියුණු කිරීම සඳහා ඵලදායී තොරතුරු තාක්ෂණික පද්ධතීන් උපයෝගී කර ගනිමින් පාර්ශ්ව කරුවන් අතර කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙම තාක්ෂණික කමිටුව 2023.03.23 දින පත් කොට තිබුණි. මෙමගින් 2023-2024 වර්ෂ තුළ ක්‍රියාත්මක කිරීම පිණිස රාජ්‍ය ආයතන 13ක් විසින් එකඟ වූ ක්‍රියාකාරී සැලැස්මක් සකස්කොට තිබූණි. මේ අනුව මෙහි ප්‍රගතිය පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය.

මේ අනුව දේශිය ආදායම වැඩිකරගැනීම වෙනුවෙන් රටේ වැදගත් ආයතන තාක්ෂණික වශයෙන් පද්ධති ගතවීම වැදගත් බව මෙහිදී කෝපා කමිටුව පෙන්වා දෙන ලදි. එසේම ජාත්‍යන්තර මට්ටමෙ දැනුම මේ සඳහා වැදගත් වන බව පෙන්වා දුන් කෝපා කමිටුව වෙනත් රටවල මෙය සිදු වන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමද වැදගත් වන බව මෙහිදී පෙන්වා දුන්නේය.

එසේම ඩිජිටල් හැදුනුම්පත හදුවාදීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය. එසේම මෙම තාක්ෂණික කමිටුව සමග මසකට වරක් කෝපා කමිටුව රැස්වීම වැදගත් වන බවද කෝපා කමිටු සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පෙන්වා දුන්නේය.

එසේම ශ්‍රී ලංකා රේගුවට ලැබෙන ආදායමින් කොපමණ ප්‍රමාණයක් මාර්ගගතව ලැබෙනවාද සහ සාමාන්‍ය ක්‍රමයට ලැබෙනවාද යන්න ඇතුළත්ව සති දෙකක් ඇතුළත කමිටුවට වාර්තාවක් ලබාදීමට කෝපා කමිටුව නිර්දේශ කළේය.

t

o

p