දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට

November 2, 2023

විශේෂ කාර්ය බලකාය රත්ගම කඳවුරු බල ප්‍රදේශය තුල ස්ථාපිත කර ඇති මිටියාගොඩ උප කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාපය භාර කලාප අණදෙන නිලධාරී පොලිස් අධිකාරී එච්.යු.එන්. ද සිල්වා මහතාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරී එන්.ඒ.පි.පි.කේ. කුලරත්න මහතාගේ අධික්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය රත්ගම කඳවුරේ පොලිස් සැරයන් 39898 කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් (01) වන දින මිටියාගොඩ පොලිස් වසමේ කලුපේ, පඹකොස්ස හංදිය ප්‍රදේශයේ ක්ෂනික මාර්ග බාධක රාජකාරි යෙදි සිටිය දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී තීරබදු රහිතව මෙරටට ගෙන්වන ලද රජයේ සෞඛ්‍යය අවවාද සටහන් නොකල Mond Queen Edition වර්ගයේ දුම්වැටි 180 ක් සහ Mond American Blend වර්ගයේ දුම්වැටි 05 ක් සන්තකයේ තබාගෙන ප්‍රවාහනය කරමින් සිටි හික්කඩුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 23 ක පුද්ගලයකු යතුරුපැදිය සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිටියාගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

t

o

p