බස් රථ සේවකයින් සඳහා නොමිලේ රක්ෂණාවරණයක්

January 4, 2015

අන්තර් පළාත් මගී ප්‍රවාහන බස් රථ සේවකයින් සඳහා රුපියල් ලක්ෂ 05ක වටිනාකමින් යුතු පුද්ගල හදිසි අනතුරු රක්ෂණාවරණයක් නොමිලේ ලබාදීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමග එක්ව මෙම රක්ෂණාවරණය ලබාදෙනු ලබන අතර “මග සුමිතුරු“  නමින් එය හඳුන්වා තිබේ.  බස් රථ සේවකයින්ට මහඟු සවියක් වන මෙම රක්ෂණ වැඩපිළිවෙල   කොමිෂන් සභාවේ සභාපති රේණුක දුෂ්‍යන්ත පෙරේරා මහතාගේ උපදෙස් මත ක්‍රියාවට නැංවිණි.

මීට අදාළ ගිවිසුම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේදී, ජාතික ගමනාගමන කොමිෂන් සභාව හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව යන දෙපාර්ශවය විසින් අත්සන් කරනු ලැබීය.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ලියාපංදිචි සියලුම  මගී ප්‍රවාහන රියැදුරන් හා කොන්දොස්තරවරුන් මෙම රක්ෂණ වරම සඳහා සුදුසුකම් ලබයි.

මේ යටතේ හදිසි අනතුරක් හේතුකොටගෙන රක්ෂිතයාගේ ජීවිතය අහිමිවීම, දෑස් සදහටම අන්ධ වීම, රක්ෂිතයාගේ අත් දෙකම, පාද දෙකම හෝ අතක් සහ පාදයක් ශරීරයෙන් ඉවත්වීමක් සිදුවුවහොත් හා එක් ඇසක් සමග අතක් හෝ පාදයක් ඉවත්වීමක් සිදුවුවහොත්  මුළු රක්ෂණාවරණයම හිමිවන අතර ඉන් මෙහා අනතුරකදී අනතුරේ ප්‍රමාණය අනුව ප්‍රතිශතාත්මකව ගෙවීම් සිදු කෙරේ.

එසේම අසාධ්‍ය රෝග ආවරණය යටතේ පිළිකා රෝග, හෘද රෝග, ආඝාත තත්වයන්, වකුගඩු අක්‍රීය වීම, අංශභාගය, අක්මාවේ ඇතිවන බරපතල ආසාදන, පෙනහල්ලේ අධික රුධිර පීඩනය ආදී අවස්ථාවන්හිදී වසරකට රුපියල් ලක්ෂ 2ක් දක්වා වූ ආවරණයක් ද, රෝහල් ගතවන (රජයේ) අවස්ථාවකදී දිනකට රුපියල් 1000/= බැගින් උපරිමය දින 50ක් දක්වා ගෙවීමක් ද මේ යටතේ  සිදු කෙරේ.

මීට සමගාමීව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සේවක සේවිකාවන්ට හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට ද රුපියල් ලක්ෂ 02 ක්  වටිනා  සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබාදීමට සැලසුම් කර තිබේ.

– NTC media

Sammy

Previous story Next story

Leave a comment

t

o

p