කොළඹට පැය 15ක ජල කප්පාදුවක්

October 21, 2023

කොළඹ ප්‍රදේශ රැසකට අද (21) පස්වරු 5 සිට පැය 15ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ 11, 12,13, 14 සහ 15 ප්‍රදේශවලට අද පස්වරු 5.00 සිට පසුදින පෙරවරු 8.00 දක්වා පැය 15 ක් ජල සැපයුම අත්හිටුවනු ඇති.

අඹතලේ ජල සැපයුම වැඩි දියුණු කිරීමේ බල ශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදු කරන අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරීමේ කටයුතුක්, ජල සැපයුම අත්හිටුවීමට හේතුවී ඇතැයි ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය නිවේදනය කළේ ය.

t

o

p