මෙරට විදුලි දුම්රිය, විදුලි වාහන එකලස් කිරීම ගැන චීනයේ දී සාකච්ඡා

October 20, 2023

චීනයේ සිව් දින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන සන්නිවේදන ඉදිකිරීම් සංස්ථාව, සයිනොපෙක් සමාගම, BYD සමාගම ඇතුළු ප්‍රධාන පෙළේ චීන සමාගම් කිහිපයක නියෝජිතයන් සමඟ සාකච්ඡා පැවැත්වීය.

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන පද්ධති විදුලියෙන් ක්‍රියාත්මක කිරිමේ අවකාශ, විදුලි වාහන එකලස් කිරීම, විදුලි දුම්රිය සේවා ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

වරාය නගරය අන්තර්ජාතික මූල්‍ය මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම, වරාය නගර පරිශ්‍රය උදෙසා නව මුල්‍ය නීති රීති සම්පාදනය, වරාය නගර පරිශ්‍රයට සීමා වූ අධිකරණ සහ බේරුම්කාරක ක්‍රමවේදයන් සැකසීම පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රවර්ධනය උදෙසා හැකි උපරිමයෙන් සහාය ලබා දෙන බවත්, ශ්‍රි ලංකාවේ ආයෝජන අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගන්නා බවත් සමාගම් නියෝජිතයෝ මෙහිදී ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කරන ලදි.

t

o

p