කොල්ලුපිටියේ බස් අනතුරෙන් 5ක් මරුට

October 6, 2023

කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම ආසන්නයේ ඩුප්ලිකේෂන් මාර්ගයේදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබේ.

මේ අතර ලිබර්ටි වටරවුම ආසන්නයේ ඩුප්ලිකේෂන් මාර්ගය රථවාහන ගමනාගමනය සඳහා තාවකාලිකව වසා දමා ඇති අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පැවසීය.

එම අනතුරට මුහුණ දුන් තවත් පුද්ගලයින් 17 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව කොළඹ ජාතික රෝහාලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සදහන් කරයි.

මෙම ලංගම බස් රථය මතට ගස කඩා වැටීමත් සමග මගීන් පිරිසක් එහි සිරවූ අතර ඔවුන් මුදා ගැනීමට පොලිසිය හා සහන සේවා කණ්ඩායම්වලට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

ලිබර්ටි වටරවුමේ සිට මීටර් 100ක් පමණ බම්බලපිටිය දෙසට ගමන් කිරීමේදී මෙම අනතුර සිදුවී ඇති අතර අදාළ බස් රථය කොළඹ – දෙනියාය බස් රථයකි.

t

o

p