අද(01) සිට ප්ලාස්ටික් භාණ්ඩ වර්ග 10ක් තහනම්

October 1, 2023

තනි භාවිත සහ කෙටිකාලීන ප්ලාස්ටික් තහනම් කරමින් මධ්‍යම පරිසර අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනය අද(01) සිට ක්‍රියාත්මක වෙයි.

ඒ අනුව ගැසට් පත්‍රය කඩ කරමින් කටයුතු කරන ව්‍යාපාරිකයින්ට එරෙහි ව නීතියමය පියවර ගන්නා බව වාර්තා වෙයි.

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඔක්තෝබර් 01 වැනිදා සිට ඊට අදාළ වැටලීම් ද සිදු කිරීමට පියවර ගන්නා බවයි.

t

o

p