ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය යළිත් දසුන්ට

September 21, 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් දසුන් ශානකව ඉවත් කිරීමට ගෙන තිබූ තීරණය ඊයේ (20) යළි ආපසු හැරවෙමින් තවදුරටත් නායකත්වයේ රැඳීම සඳහා ඔහුට අවස්ථාව ලබාදීමට තීරණය වී තිබේ.

ඒ අනුව එළැඹෙන එක්දින ලෝක කුසලාන සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ අවස්ථාව ඔහුට පැවරෙනු ඇත.

ලෝක කුසලාන සඳහා නම්ව ඇති අදාළ සංචිතය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නැතත්, ඒ සඳහා මූලික වශයෙන් නම් කළ අදාළ සංචිතයම වෙනසකින් තොරව අවසන් සංචිතය ලෙසින් ද නම් කර ඇති බව විශ්වාසදායක ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ අනුව දඟ පන්දු යැවීමේ ශ්‍රී ලංකා බලාපොරොත්තුව වනිඳු හසරංග මෙන්ම වේග පන්දු යැවීමේ අංශට දුෂ්මන්ත චමීරද එක්ව තිබේ. දිමුත් කරුණාරත්නද මෙම සංචිතයේ අවස්ථාව හිමිව ඇති බව සැලවේ.

ලෝක කුසලාන සංචිතය ? පිතිකරු අංශයෙන් -පැතුම් නිශ්ශංක, කුසල් ජනිත්, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා සහ දසුන් ශානක

දඟ පන්දු යවන්නන් – වනිදු හසරංග, මහීෂ් තීක්ෂණ සහ දුනිත් වෙල්ලාලගේ

වේග පන්දු යවන්නන් – දුෂ්මන්ත චමීර, කසුන් රාජිත, මතීෂ පතිරණ, ඩිල්ෂාන් මධුශංඛ

t

o

p